(රංජන් කටුගම්පොළ සහ තිළිණි ද සිල්වා)
2017 වසරේදී පෑලියගොඩ පොලීසියේ අත්අඩංගුවේ සිටියදී ඝාතනයට ලක්වූ ශ්‍යාමන් වික්‍රමරත්නගේ බිරිදය හා දරුවන් දෙදෙනාගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට වන්දි වශයෙන් ඔවුන්ට රුපියල් ලක්ෂ 10 ක මුදලක් ගෙවන ලෙස නියෝග කරනු ලැබ ඇත.
එම වන්දි මුදලින් රුපියල් හත් ලක්ෂ පනස්දහක් රජයෙන්ද, ඉතිරි මුදල් රුපියල් 50,000 බැගින් රුපියල් දෙලක්ෂ පනස් දහසක් මුදලක් සිද්ධියට සම්බන්ධ පෑලියගොඩ පොලිසීයේ පොලිස් කොස්තාපල්වරුන් පස් දෙනා අදාළ කාන්තාවට ගෙවිය යුතු බවටද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
එම වන්දි මුදලින් දරුවන් දෙදෙනාගේ නමින් රාජ්‍ය බැංකුවක ගිනුම්වල ලක්ෂ දෙක හමාර බැගින් ද ඉතිරි ලක්ෂ පහක වන්දි මුදල පෙත්සම්කාරිය සතු විය යුතු බවද අධිකරණය වැඩිදුරටත් නියම කෙරිණි.
කඩුවෙල, පහළ බෝමිරිය රස්සපාන පාරේ පදිංචි ජයමුනි අනුරාධ නිල්මිණි විජේසේකර නැමැත්තිය ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පෑලියගොඩ පොලීසියේ පොලිස් කොස්තාපල්වරුන් වන සුමේධ තුෂාර, ඉන්දික ප්‍රියදර්ශන, චානුක රුක්මන්, අජිත් ජයලාල් සහ ළහිරු රොශාන් නම් කරනු ලැබ තිබිණි.
ජනක් ද සිල්වා, මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන්ගේ එකගත්වයෙන්, විනිසුරු ප්‍රතී පද්මන් සූරසේන මහතා විසින් ප්‍රකාශිත නඩු තීන්දුවේ ප්‍රකාශයට පත් කළේය.

